Saturday, April 30, 2011

දෙහිවල සත්තුවත්තට ගිය අපේ පුංචි පැටව්............


මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජයේ සාමාජිකයින් සඳහා විශේෂ වැඩසටහනක් දෙහිවල සත්වොද්‍යානයේ තරුණ සත්වවේදින්ගේ සංගමයේ කණිෂ්ඨ කණ්ඩායම විසින් සංවිධානය කර තිබුනා. ඒ 2010 දෙසැම්බර් 18 වෙනිදා. අපේ පුංචි පැටව් හරිම උද්යෝගයෙන් සත්තු වත්තට උදෑසනම පිවිසුනා. තරුණ සත්ව වේදීන්ගේ සංගමයේ කනිෂ්ඨ කංඩායමේ පුංචි දරු දැරියන් ඔවුන්ව සහෝදරත්වයෙන් පිළිගෙන බොහෝ දේ කියා දුන්නා. නාට්‍ය රඟ දැක්වූවා. අපේ අයට සුහදතාවය පෙන්වන්න ත්‍යාග පිරිනැමුවා. අපේ අයත් තමන්ට බොහෝ දේ කියා දුන් අක්කලාට අයියලාට තෑලි පිරි නැමූවා. සත්තුවත්ත පුරා ඇවිදිමින් සත්තුන්ගේ වත ගොත හා ඔවුන්ගේ චර්යාවන් ඉගෙන ගනිමින් ඔවුන් නැරඹුවා. පුංචි සුරතල් "සංජු" (චිමිපන්සි පැටියා) බබා කාගෙත් සිත් ගත්තා. උගේ රංගනයන් හරිම අපූරුයි. ළමා උයනෙදි විවිධ පක්ෂින් අතටම අරගෙන ඔවුන් ගැන ඉගෙන ගන්න අපේ අයට අවස්ථාව ලැබුනා. උරග සංදර්ශනය හරිම ප්‍රයෝජනවත්. අපේ සොබාසවිය තරුණ සංවිධානයේ අයියල පිඹුර අතටම අරගෙන අපේ නංගිල මල්ලිලගෙ අත්වලටම දුන්නා. මින්මැදුර චමත්කාර ජනකයි. මුහුදු සිංහයාගේ රංගනයත් හරිම ලස්සනයි. අන්තිමට අපේ කට්ටිය තමන් දුටු දේවල් සිතුවමට නැගුවා. ඒවා සියල්ලටම වඩා සුන්දරයි.

No comments:

Post a Comment