skip to main |
skip to sidebar
දැණුම සොයා යන ගමනේදී ........, ශාක අධ්‍යයන වැඩමුළුව
නුවර ක්ෂේත්‍ර ශාකවේදින්ගේ සංගමය මගින් මෙහෙය වූ ශාක හඳුනා ගැනීමේ වැඩමුළුව 2011 පෙබරවාරි 02 -04 දිනවල කුණ්ඩසාලේ ජාතිය ගොඩනගන්නන්ගේ සංගමයේ පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි. මෙම වැඩමුළුව සඳහා මිහිතල මිතුරෝ නියෝජනය කරමින් සභාපති කරුණාදාස මුණගම සහ ලේකම් මහේෂ් චතුරංග යන මහත්වරු සහබාගි විය. එම වැඩමුළුවේ දී ශාක හඳුනා ගැනිමට අදාළ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික වැඩසටහන්ද පැවැත්වූනි. පේරාදෙනිය උද්භිද උද්‍යණයේ ශාකාගාරය නැරඹිම සහ ශාක නිදර්ශක සකසා ගැනිම පිළිබඳව ඉගෙනිමට අවස්ථාව උදාවිය. මෙම වැඩමුළුවෙන් උකහාගත් දැණුම තම සාමාජිකයින් අතරේ ඛෙදා හදා ගන්නටත් එම දැණුම වර්ධනය කරගන්නටත් සංවිධානය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටියි.
No comments:
Post a Comment