Tuesday, January 28, 2014

ලොව පැරණිය වන රමණිය විටින් විට ........

ලොව පැරණිය වන රමණිය විටින් විට ........

මිහිතල මිතුරන්ගෙන් ජන කෞතුකාගාරයක් !


අපේ මුතුන් මිත්තන්එදි නෙදා වැඩකටයුතු වලට භාවිතා කරන ලද පාරම්පරික උපකරණ රැුගත් ජන කෞතුකාගාරයක් කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී ඇරඹිමට කටයුතු සූදානම් වෙමින් පවතී. 


එදිනෙදා සාමාන්‍ය ජනතාව තම කාර්යයන් පහසු කරගැනීම සඳහා භාවිතා කරන ලද ගොවි උපකරණ,වෙද උපකරණ, කිරුම් මිණුම් ූඋපකරණ, මුළුතැන් ගෙයි උපකරණ ආදී විවිධ පැරණි භාණ්ඩ ඇතුළත් මෙම ප‍්‍රදර්ශන කුටියෙන් බොහේාදේ ඉගෙන ගැනීමටත් ආකල්ප සංවර්ධනය කිරීමටත් හැකිවනු ඇත. 

විශේෂයෙන්ම මෙම උපකරණ නිකම්ම උපකරණ නොව එ් හරහා අපි අපේ ඉදිරි පරම්පරාවන් වෙත රැුගෙන යන්නේ් සමාජ සංවර්ධනයේ දී අප සතුව තිබූ පාරම්පරික මහා ඥණයයි. ඇත්තෙන්ම එය සොබාදහම සමග ජීවත්වීම තුළින් ඔවුන් විසින් ලබාගත් දැණුමයි. එය ඔවුන්ගේ ලේ මස් නහර සමග බද්ධවූ දැණුමයි. එබැවින් මේ හරහා අපේ අනාගත පරපුරට අපේ ඉතිහාසය පිළිබඳව සජීවී අත්දැකීමක් ලබා ගැනීමට හැකිවනු ඇත.

අපගේ මෙම ව්‍යායාමයට ඔබට ද දායක විය හැකිය. ඔබේ නිවසේ එසේත් නොමැති නම් ඔබේ ඥතීයෙකුගේ නිවසේ හෝ අසල්වැසියෙකු සන්තකයේ හෝ පවතින මෙවැනි උපකරණ ඇත්නම් එ් බව අපගේ විද්‍යුත් ලිපිනයන්ට හෝ අපේ දුරකථන අංක වලට දැනුම් දෙන මෙන් ඉල්ලමු.

E mail-—: mihithalamithuro@gmail.com
T/Phone-: 0713496971, 0716606318, 0714285480, 

No comments:

Post a Comment