Wednesday, November 12, 2014

20 වසරක නොමැකෙන පියසටහන් ඔස්සේ ඇවිද ගියෙමි .........

20 වසරක නොමැකෙන පියසටහන් ඔස්සේ ඇවිද ගියෙමි .........

එදා 1994  බිනර මහේ පුන්පොහෝය දා . තේරෙන භාෂාවෙන් කියනවනම් සැප්තැම්බර් 19 වෙනිදා. මිහිතලය සුවපත් කරන්නට මේ ඉර හඳයට දිවි ගෙවන මානවකයින් 15 දෙනෙක් ගමනක් ඇරඹුවා. 
එදා එක්ව ගමනක් යන්නට එකතුවූ 15 දෙනාගේ අත්සන් ලේඛණය

 සොයිසාවරුන්ගේ පැරණි ඔළබොඩුවවත්තේ පිහිටි කොඩිගහකන්ද ස්වභාවික වනපෙත සංරක්ෂණය කිරිමේ අරමුණෙන් එදා ඇරඹු ගමනට 2014 සැප්තැම්බර් 19 වෙනිදාට වසර විස්සක් සම්පූර්ණ වෙනව. ඒ වෙනුවෙන් මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම තම 20 වන සංවත්සර සැමරුම මහා ඉහළින් සමරන්නට සියළු කටයුතු සූදානම් කර තිබුනා. මේ ඒ පිළිබඳව ලියැවෙන සටහකි.
2014 වර්ෂය 20 වන සංවත්සර වර්ෂය ලෙස නම් කරගත් මිහිතල මිතුරන් ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් සකස් කළා. එහි ප‍්‍රධානතම වැඩසටහන වන්නේ කොඩිගහකන්ද ජෛව විවිධත්වය ප‍්‍රජාවගේද සහභාගිත්වයෙන් නව මානයකින් ඇරඹිමයි.
ඒ යටතේ ජනකලා කෞතුකාගාරය, පුස්තකාලය, ශාකාගාරය, නේවාසිකාගාරය යන අංගයන්ගෙන් සමන්විත නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම එහි එක් ප‍්‍රධාන කි‍්‍රයාකාරකමක්. මේ වන විට එහි වැඩකටයුතු 60% ක් පමණ අවසන්.
හාත්පස අයස්කාන්ත දර්ශනය බාධාවකින් තොරව නැරඹිමට, කුරුළු නිරික්ෂණයට හා රාතී‍්‍ර අහස නිරීක්ෂණයට යොදා ගත හැකිවන සේ කඳුමුදුනේ නිරික්ෂණ කුළුණක් ඉදිකිරිමේ කටයුතු ද 80% කින් පමණ දැන් අවසන් කර තිබෙනවා.
පාරිසරික සංචාරක කර්මාන්තය නැණවත් ලෙස යොදා ගනිමින් එය සංරක්ෂණයේ අරමුණු ජය ගත හැකිවනසේ යොදා ගැනිමට මිහිතල මිතුරන් තවත් සුවිශේෂි වැඩක් කළා. ඒ තමයි ස්වභාවික වනාන්තරයක් තුළ ඉදිවූ එකම පාරිසරික ත‍්‍රාසජනක උද්‍යාණය (Eco Adventure Park)  ඉදිකිරීම. එහි වැඩ 99% ක් පමණ දැන් අවසන්. එය කි‍්‍රයාත්මක මට්ටමක පවතිනවා.
එහි තවත් සුවිශේෂි තාවයක් තිබෙනවා. ඒ තමයි මෙවැනි පාරිසරික ත‍්‍රාසජනක කි‍්‍රයාකාරකම් සිදුකෙරෙන ශී‍්‍ර ලංකාවේ පවතින බොහෝතැන් අතුරින් ආරක්ෂාව හා සෞඛ්‍යය පිළිබඳව අන්තර්ජාතික මට්ටමේ විගණනයක් (Helth and Safety audite) සිදු කළ ස්ථාන 2 න් එකක් මෙය වීම
කොඩිගහකන්දේ ජෛව විවිධත්වය පිළිබඳව වසර 20 කින් කිසිදු විධිමත් පර්යේෂණයක් සිදු කර නැහැ. ඒ අඩුව පුරවන්නට අංග සම්පූර්ණ පර්යේෂණයක් සජීව චාමිකර මහතාගේ මූළිකත්වයෙන් දැන් සිදුවෙමින් පවතිනවා. ලෝකයේ බොහෝතැන්වල ජෛව විවිධත්වය හායනය වෙමින් පවතින යුගයක කොඩිගහකන්දේ ජෛව විවිධත්වය ඉහළ යමින් පවතින බව තමයි පර්යේෂණයන්ගෙන් ඔප්පුවන්නේ. තවමත් පර්යේෂණය අවසන් නැහැ . එහෙත් දැනට සිදුකළ පර්යේෂණ තොරතුරු, 1995 ශී‍්‍ර ලාල් නිශාන්ත මහතා සිදු කළ පර්යේෂණ තොරතුරු හා සංසන්දනයේ දී ඒ බැව් මනාව ඔප්පු වෙනවා.මේ පිළිබඳ අංග සම්පූර්ණ තොරතුරු පර්යේෂණය අවසන් කොට නිකුත් කෙරෙන පර්යේෂණ වාර්තාව එළි දැක්විමෙන් පසු ඔබට දැනගන්නට සළස්වන්නම්.
දැඩිලෙස සෝදා පාළුවට ලක්වෙමින් පවතින ජෛව විවිධත්ව මධ්‍යස්ථානය අසළින් ගලා බසින තැඹිළි දොළ සංරක්ෂණය ද දැන් අරඹා ඇත.
පාසල් දරුවන් වෙනුවෙන් ඇරඹි ඇති පාරිසරික පියගැටපෙළ පාරිසරික වැඩසටහන කි‍්‍රයාත්මක තලයේ ඇත. හොරණ හා ශී‍්‍ර ජයවර්ධණපුර අධ්‍යාපන කලාපයන් හි ගුරු වැඩමුළු අවසන් කර ඇත.
 ප‍්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ද මෙම 20 වන සංවත්සර වැඩසටහන් මාලාවේ ඉඩක් වෙන්වි ඇත. ඒ යටතේ මී මැසි පාලනය, කෝමාරිකා වගාව හා විවිධ නිෂ්පාදනයන් වානිජ මට්ටමෙන් ඇරඹිම සඳහා දායකත්වය ලබාදිම හඳුන්වා දිය හැකිය. එ යටතේ කාබනික සබන් නිෂ්පාදනය, ඖෂධීය ෂැම්පු නිෂ්පාදනය, පිගන් ආදිය සෝදන දියර ( Dish Wash) නිෂ්පාදනය. සුද් පොල්තෙල් නිෂ්පාදනය හා විවිධ අහාර වර්ග නිෂ්පාදනය සඳහා ප‍්‍රායෝගික වැඩසටහනක් ඇරඹි ඇත. තායිලන්තයේ පන් පන් ආයතනයේ රම්පායි මෙනෙවිය ඒ පිළිබඳව විධිමත් පුහුණුවක් ලබා දෙන ලදී.
මෙම 20 වන සංවත්සර වැඩසටහනේ අති උත්කර්ශවත් අවස්ථාව වූයේ 20 වන සංවත්සර මහා සමුළුවයි. එය මෙම සැප්තැම්බර්  28 වන දින කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දි පැවැත්වුණි.
නොනිදා පහන්වු රාතී‍්‍ර ගණන කොතෙක්දැයි කිව නොහැකිය. සංවත්සර සමුළුව වෙනුවෙන් ඉටු කළයුතු වැඩ අපමණය. සැවොම එකාමෙන් වෙහෙසෙමින් සමුළුවේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවීමේ ප‍්‍රතිඵල සැප්තැම්බර් 28 වෙනිදා එලිදකින්නට විය.

දිගින් දිගට වැසි බරව පැවති කාලගුණය අපේ බොහෝ වැඩකටයුතු පමා කරන්නට විය. මෙම සමුළුව මහජනතාවට විවෘත සමුළුවක් නොවීය. සිමිත ඉඩකඩ හා සම්පත් නිසා සාමාජිකයින් හා ආරාධිතයින් සඳහා පමණක් සමුළුවේ සහභාගිත්වය සීමා කරන්නට සිදුවිය. 

20 වසරක පියසටහන් ඇතුළත් පුංචි ප‍්‍රදර්ශනයක් ද සමුළුව වෙනුවෙන් සංවිධානය කර තිබුනා
පී ගුරුසිංහ මහතාගේ දායකත්වයෙන් දේශිය බිජ ප‍්‍රදර්ශනක් ද සංවත්සර උළෙල අර්ථවත් කරන්නට එක්වි තිබුනා
 20 වසරක් සපුරන මිහිතල මිතුරන්ගේ සංවත්සර සමුළුවට සහභාගිවන 
බලාපොරොත්තුවෙන් උදෑසන සිට කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථාන භූමියට පිරිස් රොද බඳින්නට උනා. 

වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරාධිපති, ගල්ලෙන පරිසර පදනමේ නිර්මාතෘ පූජ්‍ය පෝරුව දණ්ඩේ සුමන හිමිපාණන් සමුළුවේ ගෞරවණිය ආරාධිත හිමිනමක් උන්වහන්සේ සමුළුවට සම්ප‍්‍රාප්තවන අවස්ථාව

කිතුළවිල තිස්සවන විහාරාධිපති පූජ්‍ය කහටරුප්පේ ඤානකිත්ති හිමිපානන් සමුළුවට වඩිද්දී ..........


විද්‍යාකර බාලිකාවේ දෙමව්පිය සංවිධානයේ අනුරුද්ධ මහතාසංවත්සර සමුළුවට තිලිණයන් ලෙස හෙල්මට් රැුගෙන විත් සංවිධානයට පරිත්‍යාග කරද්දී ........
පසුපසින් කළුතර දිස්ති‍්‍රක් පරිසර නියමු උපදේශිකා රූපා පිරිස් මහත්මිය සහ හොරණ ශී‍්‍රපාලි මහා විද්‍යාලයේ පරිසර නියමු ආචාරිණි අරුණි පාරිස් මහත්මිය ද වෙයි

විද්‍යාකර බාලිකාවේ හිටපු විදුහල්පතිනී ලීලා අධිකාර්ම් මහත්මිය සහ අදිකාරම් මහතා සමුළුව වෙතට පිය නගද්දී ........

මාධ්‍ය ආවරණය ලබාදිමට සිරස රූපවාහිනිය සහ මාධ්‍යවේදී බන්දුල ගුලවත්ත මහතා සමුළුවට පැමිණෙද්දී .......

ඔළබොඩුව ජයවර්ධනාරාමය සහ තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි අදිපති පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමිපාණන් සහ කෝරළඉම මිහිඳු විහාරාධිපති සහ ගම්පහ දිස්ති‍්‍රක් අධ්‍යාපන අධ්‍යක්ෂ බලගොඩ අමරජෝති හිමිපාණන් 20 වන සංවත්සර මහ සමුළුවට වඩිද්දී........

කළුතර දිස්ති‍්‍රක් පාරිලිමේන්තු මංතී‍්‍ර විදුර වික‍්‍රමණායක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය ඇරඹුනා. චාරිත‍්‍රාණුකූලව පොල්තෙන් පහන් දැල්විමෙන් ඇරඹි සමුළුවේ සමාරම්භක උත්සවයේ ඊලග අංගය වූයේ ජාතියට උපහාර දැක්විමයි. සැවොම නැගි සිට ජාතික ගිය ගායනා කළා. පිරිස පංචශිලයෙහි පිහිටවූයේ ඔළබොඩුව ශී‍්‍ර ජයවර්ධනාරාමාධිපති සහ තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය උඩුවේ හේමාලෝක හිමිපාණන් විසිනි.


පහන් සිළු දල්වා සමාරම්භක උළෙල ආලෝකමත් වූ වගයි ..........


පිලිගැනිමේ කථාව පාසල් අංශයේ ප‍්‍රධාන සංවිධායක මිථිල දර්ශන මහත්මා විසින් පැවැත්වූවා. 


මිහිතල මිතුරෝ පාසල් වැඩසටහනේ ප‍්‍රධාන සංවිධායක මිථිල දර්ශන මහතා පිළිගැනිමේ කථාව පවත්වමින්..........

20 වසරක නොනිමි පියසටහන් විදහා දැක්වෙන කෙටි වාර්තාමය වීඩියෝ වැඩසටහනකින් සමුළුව අර්ථවත් උනා. ඊලග අංගය වූයේ මෙම සමුළුව කැඳවීමේ අරමුණ පැහැදිලි කිරීමයි. සංවිධානයේ වත්මන් සභාපති කරුණාදාස මුනගම මහතා විසින් මෙම සමුළුව කැඳවීමේ අරමුණ ඉතා කෙටියෙන් පහදා දුන්නා.


20 වසරක අභිමානවත් ඉතිහාසයේ සැමරුම් උළෙලේ අරමුණ පහදමින් සමුළුව අමතන කේ.මුණගම මහතා.........

‘‘සතරවරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්....’’ මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය විසින් රංගනයකින් සමුළුව හැඩවැඩ කළා.

මිහිතල මිතුරෝ ළමා සමාජයේ සාමාජිකයින්ට සංකේතාත්මකව ඇගැයීමේ සහතික පත‍්‍ර ප‍්‍රදානය කෝරළඉම මිහිඳු විහාරස්ථානාධිපති ගම්පහ දිස්ති‍්‍රක් අධ්‍යාපන අධ්‍යක්ෂ බලගොඩ අමරජෝති හිමිපානන් විසින් සිදුකරන්නට යෙදුනා.


සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සරත් විමලබන්ඩාර කොටගම මහතා විසින් සමුළුව වෙත එවන ලද සුභ පැතුම් පණිවිඩය රවිඳු සඳරුවන් විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹියේ සුවිශේෂි අවස්ථාවකටයි. ඒ උත්තම පූජා ප‍්‍රණාම සම්මාන පිරිනැමිමේ අවස්ථාවයි. සංවිධානය වෙනුවෙන් අමිල මෙහෙවරක නිරතවූවන් වෙනුවෙන් පිරිනැමෙන මෙම සම්මාන ප‍්‍රදානයේ දී සුමනපාල පටුවතවිතාන මහතා, ඩබ්ලිව්.සෝමාවතී මාතාව, රොහාන් ද සොයිසා මහතා සහ කරුණාදාස මුනගම මහතා සම්මානයෙන් පුදන ලැබුවා.  එම සම්මානයන් පිරිනැමිමේ හේතු පාඨයන් හි මෙසේ සඳහන් වූවා.
ඔබ අප සංවිධානයේ මාතාව විය. දහවල රාතී‍්‍රයේ ඔබට වෙනසක් නොවිය. ගව් ගනන් දුර පා ගමනින්  ගමින් ගම නගරයෙන් නගරය යමින් සොබාදහම සුරකින්නට, අපේ පරිසර පණිවිඩය සමාජ ගතකරන්නට  වෙහෙසුන තරම කොතෙක්දැයි පවසන්නට අපි නොදනිමු. නිතර සිනහවෙන් මුව සරසා ගත් සැහැල්ලූ හදකින් සැම දෙනා සමග දිවි ගෙවු ඔබ අපට ඉමහත් ආදර්ශයකි. අප සංවිධානයට අනූපමේය මෙහෙවරක් ඉටුකළ දයාබර මාතාවෙනි, එ් අති විශිෂ්ඨ පාරිසරික හා සමාජ මෙහවර අගයමින් උතුරායන මව් සෙනෙහසින් ඔබතුමියගේ දෙපා නැමැද ගෞරව බහුමානයෙන් මේ උපහාර සම්මාන සිහිවටනය මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම මගින් ඩබ්ලිව්. සෝමවතී මාතාවන්ට පිරිනැමෙන වගයි. 

2014 ක් වූ සැප්තැම්බර් මස 28 වන දින කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී 


දකුණු සිරිලක ඉපිදී දිසාපාමොක් පරපුරේ ගුරු වෘත්තිය තම වෘත්තිය බවට පත් කරගත් ඔබ නිසගයෙන්ම සමාජශීලී මිනිසෙකු විය' රට පුරා විවිධ පෙදෙස්වල දහසක් සිසු දරුවන්ගේ දෙනෙත් පාදන්නට දිවිය කැප කළ ඔබ සොබාදහමට හා පරිසරයට ද එකසේ ආදරය කළේය. මිහිතල මිතුරන් බිහි කරන්නට ආරම්භයේ සිටම උර දුන් ඔබතුමා අයිතිවාසිකම් අහිමි දනන් වෙනුවෙන් නොපසුබටව සෘජුව නැගි සිටි අයෝමය නායකයකු ද විය අද ජීවිතයේ සැදෑසමය ගෙවමින් සිටින මේ උත්තම මිනිසාගේ අපරිමිත මානව දයාව හා පරිසර දැක්ම අගයනු වස් මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම මගින් පටුවත විතානගේ සුමනපාල ගුරු පියාණන් වෙත මෙම උපහාර සම්මාන සිහිවටනය ගෞරව බහුමානයෙන් යුක්තව පිරිනැමෙන වගයි2014 ක් වූ බිනර මස 28 වන දින කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී



සොබාදහමට අසීමිතව පෙම් බැඳි මිනිසා ඔබය' තම මුතුන් මිත්තන් විසින් වන සිව්පාවුන්, කුරුළු කෙවිල්ලන් වෙනුවෙන් උරුම කරදුන් වන අරණ  කෑදර මිනිසුන්ගේ ග‍්‍රහණයෙන් මිරීකී යන්නට නොදී සිය ධනය කැපකර එය සොබාදහමට තිළිණ කළ උත්තුංග මිනිසා ඔබය' තරුණ කැලක් වනඅරණ සුරකින්න පෙරට ආ සඳ සෙනෙහසින්  ඔවුන් පිළිගෙන එ් වෙනුවෙන් කැප කිරීම් කළ මිනිසා ඔබය. පරිසරය, සොබාදහම පිළිබඳව නිරවුල් මනසකින් ප‍්‍රවේ නැණ පහන් දල්වා මනුගුණ දම් වැඩු දුලබ මිනිසා ඔබය'


එ් උත්තම මිනිසාගේ පිරි ඉතිරි යන මිනිස්කමට මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම විසින් තම ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පිරි නැමෙන ඉහළම ගෞරව සම්මානය මිහිතල මනුදම් ප‍්‍රසාදිනී උත්තම ගෞරව සම්මානය ටෙරන්ස් රොහාන් නියොමාල් ද සොයිසා මැතිතුමන් වෙත ඉමහත් ගෞරව බහුමානයෙන් යුක්තව පිරිනැමෙන වගයි

2014 ක් වූ බිනර මස 28 වන දින කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී




හිරු සඳු දෙනෙත කරඇළදොල රුහිර කරමඳ නල හුස්ම කරමිහිකත් මව්ට ජිවය පොවනසුජාත පුත‍්‍රයදායාද ලද ධජ පව්වපණමෙන් සුරකිනසුජම්පතියාණනිවිසිවසක් පුරාවට සහසුව කැපකරඔබ කරනා අනුපමේය මෙහෙයටකරුණාදාස මුණගම නමු වූ ලබැදි හිතවතඔබට මිහිතල මිතුරෝ සහෘදයන්ගේ උත්තරීතර ප‍්‍රණාමය

2014 ක් වූ බිනර මස 28 වන දින කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ දී

ඊලග අංගය වූයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ කළුතර දිස්ති‍්‍රක් ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමණායක මැතිතුමාගේ කථාවයි 



මහරගම විද්‍යාකර බාලිකාවේ පරිසර නියමුවන් විසින් ඉදිරිපත් කරන ලද පාරිසරික රංගනයක් සමුළුවට නවතම අලංකාරයක් එකතු කළා 


මිහිමව් විද්‍යාපදනමේ සුභපැතුම් එක් කරමින් එම සංවිධානයේ සභාපති ශාස්ත‍්‍රපති සම්පත් ආරියසේන මහතා ද ශී‍්‍ර ලංකා හරිත ව්‍යාපාරය වෙනුවෙන් පේ‍්‍රමපාල හේවාබටගේ මහතා ද සොබා සාමූහිකය වෙනුවෙන් පරිසරවේදි සජිව චාමිකර මහතා ද අදහස් දක්වමින් කථා කළා'


සම්පත් ආරියසේන මහතා වත්මන් යුගයේ  පරිසර සංවිධානයක වගකීම පහදමින් සභාව අමතයි .........




සොබා සාමූහිකයේ විධායක අධ්‍යක්ෂ සජීිව චාමිකර මහතා සමුළුවට සුභපැතුම් එක්කරමින් .........



පරිසර දේශපාලනය හා මිහිතල මිතුරන් පිළිබඳව පේ‍්‍රමපාල හේවාබටගේ මහතා   අදහස් දක්වමින්  .........

තවත් සුවිශේෂි සිදුවීමක් ඒ අතරට එකතු උනා. මිහිතල මිතුරෝ පාසල් වැඩසටහන සඳහා මීට වසර 19 කට පමණ පෙර සකස් කරන ලද ප‍්‍රදර්ශණයේ ප‍්‍රදර්ශන අංග පිළිබඳව විස්තර කෙරෙන ග‍්‍රන්ථයක් එම ප‍්‍රදර්ශනයේ නිර්මාපකයා එනම් මිථිල දර්ශන මහතා විසින් මිහිතල මිතුරෝ සභාපතිතුමා වෙතට පිරිනැමීම සිදු උනා



 මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය මගින් ඉදිරිපත් කළ පාරිසරික රංගනයකින් සමුළුව වර්ණවත් වූ අතර සමාරම්භක උළෙල අවසන් වූයේ තේපැන් සංග‍්‍රහයක් සඳහායි'


ලොව සරසන දළු කොළ මල් අපට අයිති නෑ ඒ නිසාම අපට ඒව  වනසන්නට බෑ 

ඒ කෙටි විවේකයේ දි  විද්‍යාකර බාලිකාවේ හිටුපු විදුහල්පතිනිය හා වත්මන් විදුහල්පතිනිය ද පොදුජන හිමිකම් කමිටුවේ විධායක අධ්‍යක්ෂ පියසෝම බෙන්තොට මහතා ද දුමින්ද නාගොමුව මහතා ද හෝමාගම අධ්‍යාපන කොට්ඨාශ පරිසර නියමු කොමසාරිස් චන්ද‍්‍ර පත්මා ගුරු මහත්මිය ද පරි්සරවේදී උදය ලියනගේ මහතා ද රාජගිරිය බැංකුවේ විධායක නිලධාරී පි‍්‍රයංග මහතා ද අදහස් දැක්වූවා' 

පරිසර නියමු කොමසාරිස් චන්ද‍්‍ර පත්මා ගුරු මහත්මිය සමුළුව පිළිබඳව අදහස් දක්වමින් 

පිළිවෙළින් මෙහි පහත දැක්වෙන්නේ පියසෝම බෙන්තොට මහතා, දුදීස දුමින්ද නාගොමුව මහතා, ප‍්‍රියංග මහතා සහ උදය ලියනගේ මහතා සමුළුව අමතන අවස්ථාවන්


තේ විවේකයෙන් පසුව පස්වරු 01'30 ට පමණ සමුළුවේ නිල කටයුතු ඇරඹුනේ ටෙරන්ස්  රොහාන් නියොමාල් ද සොයිසා මහතාගේ ප‍්‍රධානත්වයෙන් එහිදී ළමා හා තරුණ සංවිධානයන් හි සාමාජිකයින් ඇගැයිම සිදුවූ අතර ඉදිරි වර්ෂය සඳහා අනු සංවිධානයන් හා මිහිතල මිතුරෝ සංවිධානය සඳහා නිලධාරින් තෝරා ගැනීම සිදු උනා' ඉදිරි වර්ෂය සඳහා තේරී පත්වූ නිලමඩුල්ල මෙසේය'

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම සොබාසවිය ළමා සමාජය                ප‍්‍රධාන නිල මඩුල්ල

ගරු සභාපති -( හසාරා කුළමිනි මෙනෙවිය
ගරු ලේකම් -(  හරින්දි කුමුදු හංසිකා මෙනෙවිය
ගරු භාණ්ඩාගාරික -( රුසිරු සඳරුවන් මහතා
ගරු උප සභාපති -( රුසිරු සහන් මහතා
ගරු උප ලේකම්-( රුවිනා භවන්ති මෙනෙවිය


මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම සොබාසවිය තුරුණු සංවිධානයේ  ප‍්‍රධාන නිල මඩුල්ල


ගරු සභාපති -( විකුම් රත්නායක මහතා
ගරු ලේකම් -(  චතුමිණි ලක්ෂාණි මෙනෙවිය
ගරු භාණ්ඩාගාරික -( පියුමි වත්සලා මෙනෙවිය
ගරු උප සභාපති -( ජනිඳු චාමර මහතා
ගරු උප ලේකම්-( කාවින්ද්‍යා ශෂීප‍්‍රභා මෙනෙවිය


මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම සජන මිතුරෝ  ප‍්‍රධාන නිල මඩුල්ල

ගරු සභාපති -( ජී'පී'කුමාරනායක මහතා
ගරු ලේකම් -(  චන්ද‍්‍රිකා වික‍්‍රමගේ මහත්මිය
ගරු භාණ්ඩාගාරික -( රත්නසිරි රොසයිරු මහතා
ගරු ප‍්‍රධාන සංවිධායක-( ජයන්ත පේ‍්‍රමලාල් මහතා
ගරු උප සභාපති -( දමිත් නිශාන්ත මහතා
ගරු උප ලේකම්-( හිමාලි දමයන්ති මහත්මිය

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම ප‍්‍රධාන නිල මඩුල්ල
ගරු සභාපති -( කරුණාදාස මුණගම මහතා
ගරු ලේකම් -(  රවිඳු සඳරුවන් මහතා
ගරු භාණ්ඩාගාරික -( ප‍්‍රදීප් උදයංග මහතා
ගරු උප සභාපති -( චන්දික ගුණතිලක මහතා
ගරු උප ලේකම්-( මිථිල දර්ශන මහතා


No comments:

Post a Comment