Friday, November 7, 2014

ප‍්‍රථම වතාවට කොඩිගහකන්ද වනපෙත පාරිසරික ත‍්‍රාසජනක අත්දැකිම් වලින් ඇළලී යයි ...............

 කොඩිගහකන්ද වනපෙත පාරිසරික ත‍්‍රාසජනක අත්දැකිම් වලින් ඇළලී යයි .........

ස්වභාවික වනපෙතක ඉදිවූ ප‍්‍රථම පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානයට සිද්ධාලේප කාර්ය මංඩලය පැමිණි වගයි.

ඉතිං හිත මිතුරු හැමෝම වෙත තවත් අළුත් අත්දැකීමක් ගැන කියන්නයි මේ සූදානම. එදා 2014 ඔක්තෝඹර් 11 වෙනිදා. කොඩිගහකන්ද ස්වභාවික වනපෙතෙහි ඉදිවූ පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානයේ අත්දැකීම් තම ජීවිතයට එක්කර ගනු රිසින් සිද්ධාලේප කාර්ය මංඩලයේ 62 කගෙන් සමන්විත කණ්ඩායමක් එදින කොඩිගහකන්ද වෙතට හිමිදිරි උදෑසනම පිය නැගුවා. 




කොඩිගහකන්දට පාර අසාගෙන බර පොදි උසුලාගෙන එනවා ..........

මෙම වැඩසටහන ඒකාබද්ධ වැඩසටහනක් හැටියටයි සංවිධානය උනේ. මිහිතල මිතුරෝ සමග ඒකාබද්ධ උනේ පාරිසරික ත‍්‍රාසජනක කි‍්‍රයාකාරකම් පිළිබඳව දිගු කාලීන අත්දැකිම් සහිත Sri Lankan SEALS



මෙම වැඩසටහනේ අරමුණ අභියෝගයන්ට මුහුණ දෙමින් සාර්ථක නායකත්වයක් ගොඩ නැගීම. ඒ වෙනුවෙන් පැමිණි පිරිස පිළිගැනිම හා මෙම වැඩසටහනේ අරමුණ හඳුන්වා දෙනු ලැබූවේ  ආයතනයේ විධායක අධ්‍යක්ෂ ප‍්‍රවීණ පරිසරවේදී මහේෂ් ප‍්‍රියදර්ශන මහතා විසින්.



විවිධ කි‍්‍රයාකාරකම් මෙහෙයවනු ලැබූයේ හේමන්ත උදය කුමාර මහතා විසින්


එම කි‍්‍රයාකාරකම් අතිශයින්ම විනෝද ජනක හා අභියෝගාත්මකයි. හැම කි‍්‍රයාකාරකමක්ම අපේ ජිවිතයට අළුත් යමක් එකතු කරනු ලබයි.

එකින් එක එම කි‍්‍රයාකාරකම් විස්තර කිරිමට නොහැකි නිසා එම කි‍්‍රයාකාරකම් ඇතුළත් රූ සටහන් පමණක් මෙහි ඇතුළත් කරන්නෙමු.



කි‍්‍රයාකාරකම් අතර තුර කිසිදු වරදක් සිදුවන්නට බැහැ. පුංචි හෝ වරදක් සිදු උනොත් පුංචි හෝ දඩුවමකට යටත් වෙන්නත් වෙනව. ඒකත් හරිම විනෝද ජනකයි. මේ එවන් අවස්ථාවක්.












විශ්වීය නෙළුම් මල සාර්ථකව නිර්මාණය කළ වගයි......


සෑම කි‍්‍රයාකාරකමක් අවසානයේ සමාලෝචනයක යෙදෙන්නත් එය සොබාදහම සමග සම්බන්ධව සළකා බලන්නත් අමතක කළේ නැහැ.



දිවා ආහාරයෙන් පසු කණ්ඩායම් දෙකකට වෙන්වී පළමු කණ්ඩායම මේ සූදානම් වන්නේ පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානය වෙතට පිය නගන්නයි. තම ජීවිතයේ කෙනෙකුය කළාතුරකින් හිමිවන අවස්ථාවක් භූක්ති විඳිනු රිසින් උද්යෝගයෙන් කණ්ඩායම පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානය වෙතට පිය මං කළා.

ඊට පෙර අපි බලමු මෙවැනි පාරිසරික ත‍්‍රාසජනක කි‍්‍රයාකාරකම් සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ මොනවාද කියල.



Carabinas, Figure of 8s, Harnases, Ropes, Helmats, Pullies 





හැම දෙනාම වගේ තමුන්ගේ ජිවිතයේ ප‍්‍රථම වතාවට මුහුණ දෙන මේ ත‍්‍රාසජනක පාරිසරික කි‍්‍රයාකාරකම පිළිබඳව මහත් නොඉවසිල්ලෙන් බලා හිටියා.



මුල්ම කි‍්‍රයාකාරකම ටයර් ඉනිමග Tire Ladder



දෙවන කි‍්‍රයාකාරකම රා මදින්නන්ගේඅතුරේ යාම


තෙවනුව ජේකොබ්ස් ලැඩර්


ඊට පස්සෙ ස්වභාවික වැල් අතරින් රිංගා ගොස්  බර්මා බි‍්‍රජ් තරණය කිරිම




මේ කි‍්‍රයාකාරකම් සඳහා පිරිමින් සමග කරට කර කාන්තාවන් ද හරිම උනන්දුවෙන් හා උද්යෝගයෙන් සහභාගි උනා.


බර්මා බි‍්‍රජ් එක තරණයෙන් පස්සෙ නිදහස් ලෙස ඉහළින් අවකාශය දිගේ පහළට එන්නයි තියෙන්නෙ - Free Abseiling 


ස්වභාවික වනපෙතක සොබාදහම සමග ඒකාත්මික වෙමින් අපූර්ව පාරිසරික අත්දැකීමක් ලබා ගත් සිද්ධාලේප කාර්ය මංඩල නිලධාරීන් අවසන් සමාලෝචන සැසියට සහභාගි උනේ සාර්ථක දිනයක තෘප්තිය ද හදෙහි රුවා ගෙනයි. 

හතර වටින් සැදැ කළුවර ගලා එමින් පවතින මොහොතේ කවුරුත් සාර්ථක දිනයක සතුට සමගින් එකිනෙකාගෙන් සමුගත්තා. තවත් සොඳුරු අත්දැකිමක් සමගම.



කොඩිගහකන්ද පාරිසරික ත‍්‍රාසජනක උද්‍යානයේ පාරිසරික ත‍්‍රාසජනක අත්දැකීම් විඳගන්නට මෙන්ම එහි ජෛව විවිධත්වය රිසි සේ නරඹන්නට හා අධ්‍යයනය පිනිස පැමිණෙන්ට ඔබටත් දැන් අවස්ථාව උදා වි ඇත. අපේ වෙබ් අඩවිය www.lanka ecoadventures.com   වෙතට පිවිසෙන්න. අපේ දුරකථන අංක 011 2754 700  අමතන්න

No comments:

Post a Comment