Sunday, January 20, 2019

හදමු අපි අළුත් රටක්! අළුත් දේශයක්!! මිනිසත්කම දෝරගලා යන සමාජයක්....!!!

හදමු අපි අළුත් රටක් !  අළුත් දේශයක් !!

මිනිසත්කම දෝරගලා යන සමාජයක්.... !!!

සියළු යස ඉසුරින් පිරුනු භූමියක් ඉහළම බුද්ධි ප‍්‍රභාවෙන් පිරිපුන් මානව සම්පතක් හිමි             ශී‍්‍ර ලංකා මාතාව ඔබෙන් ඇයැද සිටින්නේ කුමක් ද? 

ඔබේ මව් බිමට ඔබේ සේවය ඇවැසි මොහොත එළඹ තිබේ.

ප‍්‍රිය මිත‍්‍රවරුනි, මේ ගැන හිතන්න. අපි කථා කරමු.


 මීට දශක 3 කට පමණ පෙර නන්දාමාලනිය නම් වූ අභිත ගගැහැනිය විසින් මහාචාරිය සුනිල් ආරියරත්නයන්ගේ පද වැලක් ගායනා කළාය. මරණය තම දොරකඩටම අවුත් එබිකම් කරද්දී ඇය කළ මෙම ආරාධනය දෙස බලන්න.

සිහළ ද්‍රවිඩ මුස්ලිම් කළ්‍යාණ මිතුරනී
බොදුනු කිතුනු හින්දූ ඉස්ලාම් සොයුරනී
එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුධ වැදී
සතුරු කැලත සඳළු තලෙහි හිඳිති මධු බිබී .......

සිහළ අපට අධම සිහළ මෘගයෝ වෙති
තොපටද ද්‍රාවිඩ මුස්ලිම් දෙ‍්‍රා්හියෝ  වෙතී
උන්ය අපට තොපට සතුරු පිරිස මිතුරනී
සදා පෙලෙන තොප ද අප ද කුමට එරෙහි වී .......

කැති ද පොළු ද මුගුරු ද ගෙන සොයුරු ප්‍රේමයෙන්
පිබිද එන්න උතුරු දකුණු සකළ දේශයෙන්
නසා අප ද තොප ද පෙලන රුපුන් ක්‍රෝධයෙන්
නිරයක් වූ දේශය රැකගනිමු ආලයෙන් .......

මහා භිෂණ සමයක, අපගේ දේශය මිනී කන්නන්ගේ දේශයක් වූ අවධියක ඇය ගැයූ මේ ගිතයේ සැබෑ අරුත අදට ද වලංගුය. එනමුදු අද අපට කැති පොළු හෝ මුගුරු නොව ඒ වෙනුවට පඥාව, එකමුතුකම හා නිවැරදි දැක්ම නැමැති අවි අවශ්‍යව ඇත.



මෙම කථා බහ කුමක් අරබයා සිදු කරන්නක්ද ? කිසිදු පවතින දේශපාලන පක්ෂයක් හෝ එවැනි දේශපාලන මතවාදයකට ගැති නොවී නිදහසේ තම අදහස් පළ කරන්නට වේදිකාවක් තනා ගැනීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි. ඒ හරහා දැනටමත් විලි ලමින් සිටින නව ජනතා ව්‍යාපාරයක් සඳහා ඉඩ හසර විවර කර ගැනීම අපේ අරමුණයි.

සියල්ලටම පළමුව අපි අපේ ආකල්ප පිළිබඳව සැළකිලිමත් විය යුතුමය. මේ රට හදන්න බෑ.... පුළුවන්නම් මේ රට දාල කොහේ හරි පිට රටකට පැන ගන්න ඔ්නි. අන්න ඒ ආකල්පයෙන් මිදිය යුතුමයි. ඇත්තෙන්ම මේ රට හදන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සියළු භෞතික, මානව සම්පත් අවශ්‍ය තරමටත් වඩා අපට ඇත. නැත්තේ ඒ පිළිබඳ යහපත් ආකල්පයි. එබැවින් මේ රටේ ජනතාවගේ ආකල්ප වලට බල පෑමක් කර එම යහපත් වෙනස අපි ඇති කර ගනිමු. 


නව ලොවක්,නව රටක්, නව සමාජයක් පිළිබඳව බලාපොරොත්තු දල්වා සිටින ප‍්‍රිය මිතුරනි, ඔබටයි මේ ආරාධනා....!




කීමට බොහෝ දේ ඇත. ඔබට මේ ගැන පවසන්නට ඇති දේ ලියන්න. ඔබටයි මේ ආරාධනා !

No comments:

Post a Comment