Wednesday, February 12, 2014

නව මං පෙතක නව ගමනක ඇරඹුම ........

නව මං පෙතක නව ගමනක ඇරඹුම ........

ආදරණිය යහළුවනේ අපේ බ්ලොග් අඩවියට පෙම් බදින ඔබ සැමට මතක ඇති කොඩිගහකන්ද සංරක්ෂණය නව මානයක් කරා පියවර තබමින් සිටින වග අපි සදහන් කළා. ඒ සදහන අරුත් ගන්වමින් නව වසරේ අපේ වැඩකටයුතු ආරම්භ කළා.

 ඔබට මතක ඇති අපි කිව්වා කොඩිගහකන්ද මුදුනේ නිරීක්ෂණ කුළුනක් ඉදිකරන බව. ඒ කියපු දේ යථාර්තයක් බවට පත් කරමින් පසුගිය පෙබරවාරි 6 වන දා සුබ නැකතින් එහි වැඩකටයුතු ආරම්භ කළා.

ඊට ඉස්සෙල්ල අපි ඒ කටයුත්තට ප‍්‍රවීණ ශිල්පියෙක්ගේ සහාය ලබා ගත්ත. අපේ වැෙඩ්ට සහාය වන්න ආවෙ වසන්ත මහතා. ෙම්  ඒ අවස්ථාව.

පෙබරවාරි 6 වෙනිදා උදේ 6.38 ට යෙදුනු සුබ මොහොතින් අපි වැඩ ඇරඹුවා. 


ෙම්  නිරීක්ෂණ කුළුණ ඉදිකරන ස්ථානය.

අපි තවත් ලොකු වැඩකට අත ගහන බවත් කිව්ව මතක ඇති. ඒ තමයි අපේ දේශයේ  පාරම්පරික දැණුම මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරිෙම් අරමුණ ඇතුව ඇරඹෙන ජන කළා කෞතුකාගරය. ඒ සදහා වගේම අපේ් දරුවන්ට දැණුම සදන්නට ඇරඹෙන පුස්තකාලය, ශාක නිදර්ශක සංරක්ෂණය කෙරෙන ශාකාගාරය,කොඩිගහකන්ද සංචරණය සදහා මෙන්ම අධ්‍යයනයට පැමිණෙන පිරිස්් සදහා නේවාසික පහසුකම් ලබා දෙන්නට ඇරඹෙන නේවාසිකාගාරය හා ශ‍්‍රවණාගාරය වෙනුවෙන් ඉඩකඩ ලබා දෙන නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ වැඩ ආරම්බ කරන සුභ හෝරෝව යෙදිල තිබුනේ පෙබරවාරි 09 වෙනිදට. අපි ලහි ලහියේ වැඩ කටයුතු ආරම්භ කලා. මුලින්ම අපිට කරන්න තිබුනේ බිම සකස් කිරීම.

























අපිට කරන්න තිබුනේ බිම සකස් කිරීම.

උදේ 07.35 යෙදුනු සුභ මොහොතින් අත්ති වරම් කැපීම් ආරම්භ උනා..


අත්තිවාරම් කපන්න හැම ෙදනාම පුදුමාකාර උනන්දුවකින් සහභාගි උනා.  

මේ අපේ අනාගතය වෙනුවෙන් ඉදිවෙන ජෛව විවිධත්ව මධ්‍යස්ථානය. ඒ හින්දමයි ළමාcසමාජයේ අපි මේ තරම් වෙහෙසෙන්නෙ. ළමා සමාජ සාමාජිකයින් අත්තිවාරම් කපන්න වෙහෙසන අයුරු.                                                                                                      මේ ඉදිවන්නේ අපේත් අනාගතයයි. ත  රුණ සංවිධානයේ සාමාජිකයින් වෙහෙස නොබලා වැඩ බිමෙහි ශ‍්‍රමය හලන අයුරු                                                                                                       
  
              සජන මිතුරන් වන අපිත් වැඬේට උපරිමයෙන් සහාය වෙනව.
                                                                                                                                                     වයසට ගියත් තවමත් හිත තරුණයි. ඒ හින්දමයි මේ පිංකමට මමත් සහභාගි වෙන්නෙ.
හරියටම උදේ 8.11 ට මුලුගල තියන්න නියමිත උනේ. පහන් දල්වල සෙත් පිරිත් ගයද්දී මුල්ගල තැබීම සිදු උනා.

මුල් ගල තියන්න ළමා සමාජයේ රුසිරු සතුටු සිතින් ඉදිරිපත් උනා. 


ඒ අතරෙ උදේ තේ පැන් සංග‍්‍රහයකුත් සූදානම් වී තිබුනා.

ඉතිං සොබාදහමට පෙම් බඳින ආදරණිය යාළුවනේ, මේ කටයුත්ත අවසානයක් කරා රැුගෙන යනව කියන්නෙ ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ඔබටම තේරෙනව ඇති. එ් හින්ද ඔබ අපව විශ්වාස කරනව නම් ඔබට හැකි මුදලකින් අපට පරිත්‍යාග කරන්න. ඔබට හැකියාවක් තිබෙනව නම්. අපේ වැඩ වලින් කොටසක් භාරගෙන දායක වෙන්නත් පුළුවන්. එ් ආරධනය කරමින් ඔබට ජය පතනව                                 

No comments:

Post a Comment