Monday, July 22, 2019

කොඩිගහකන්ද කථා වස්තුව තෙවන පියවර - Kodigahakanda Story The third step

කොඩිගහකන්ද කථා වස්තුව තෙවන පියවර   Kodigahakanda Story The third step

මෙම කථාවේ පළමුවන හා දෙවන පියවරයන් එකම පෝස්ටුවක් තුළ ඇතුළත් විය. එය නරඹා නොමැතිනම්  පහත සබැඳියාව හරහා එය නරඹන්න.

The first and second steps in this story were included in the same post. If you haven't seen it, watch it through the link below.
https://mihithalamithuro.blogspot.com/2019/07/blog-post_19.html
අපි ඊයේ කොඩිගහකන්ද කථා වස්තුවේ එක් ඉසව්වකට එබිකම් කළා. ඒ කොඩිගහකන්දේ ජෛවවිවිධත්වය පිළිබඳව බව ඔබට මතක ඇති. 
Yesterday we touched on one of the events in the Kodigahakanda story. You may recall that it was about the biodiversity of Kodigahakanda

අපි ඒ ගැන මදක් කථා කරමු. මේ කොඩිගහකන්දේ ජෛවවිවිධත්ව පර්යේෂණ වාර්තාවේ සඳහන් අළුත්ම දත්ත හා තොරතුරු තමයි ඔබට අපි ඉදිරිපත් කරන්නෙ. 
Let's talk about it a little bit. We present to you the latest data and information in this Kodigahakanda Biodiversity Research Report.

Animal Group
Species
Endemic Species
Orders
Families
Genera
Birds
83
(Migrants - 11)
7
13
35
68
Butterflies
69
3
1
6
49
Fish
20
5
5
10
14
Mammals
24
4
7
18
22
Reptiles
31
7
3
12
26
Amphibians
8
3
1
5
6
Total
235
29
30
86
185


Plant species 150+
කොඩිගහකන්ද හුදෙකලා වනාන්තරය ජෛවවිවිධත්වයෙන් කෙතරම් පොහොසත් ද කියන එක ඉහත වාර්තාවෙන් සනාත වෙනව.
The above report confirms how rich the biodiversity of Kodigahakanda's isolated forest is.
කොඩිගහකන්දේ ජෛවවිවිධත්වය පිළිබඳව සිදු කෙරුන ප‍්‍රථම විද්‍යාත්මක පර්යේෂණය 1986 වසරේ දි සිදු වෙනව. මහාචාරය සරත් කොටගම මහතා ගේ මුලිකත්වයෙන් කොළම විශ්වවිද්‍යාලයේ සංරක්ෂණය සඳහා පානගමු සංවිධානය එම පර්යේෂණය සිදුකරනු ලබනව.

In 1986, the first scientific research on the biodiversity of Kodigahakanda was undertaken. The research is being carried out by the ''March for Conservation" Organization of Colombo University under the initiative of Professor Sarath Kotagama.

දෙවන පර්යේෂණය 1995 - 1998 වසර 3 ක් පුරා වනජීවිභාරයේ වැඩසටහන් නිලධාරීව සිටි ශී‍්‍ර ලාල් නිශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකරන ලදී.

In 1995 -1998 the second research was conducted by Srilal Nishantha Hettiarachchi, Program Officer of the Wildlife Trust for three years.

තෙවැන්න 2014 - 2015 කාලය තුල සජීව චාමිකර සහ අජන්ත පලිහවඩන යන මහත්වරුන් විසින් පවත්වන ලදී.

The third was held by Sajeewa Chamikara and Ajantha Palihawadana during 2014-2015.

ලෝකය පුරා වේගයෙන් ජෛවිවිධත්වය හායනය වන යුගයක ක‍්‍රමිකව කොඩිගහකන්දේ ජෛවවිවිධත්වය වර්ධනය වි ඇති බව එම පර්යේෂණ වාර්තා අපට පෙන්වා දෙයි.

The research reports show that the biodiversity of Kodigahakanda has gradually increased in an era of rapidly declining biodiversity around the world.


ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂින් ඇතුළු පක්ෂි විශේෂ 83 ක් කොඩිගහකන්දෙදි දැකගන්න පුළුවන්
83 species of birds and birds native to Sri Lanka can be seen at Kodigahakanda

සමනළ විශේෂ 69 ක් දැක ගන්න කොඩිගහකන්දට ආවොත් පුළුවන්. ඒ අතරෙ ලංකාවෙ ඉන්න ලස්සනම සමනලයාවත් දැක ගන්න පුළුවන්.

You can come to Kodigahakanda to see 69 butterfly species. You can see in here the most beautiful butterfly in Sri Lanka.

මෙයා තමයි ශී‍්‍ර ලංකාවෙ ලස්සනම සමනලයා. This is the Most Beautiful  Butterfly in Sri Lanka " Banded Peacock"

එපමණක් නොවෙයි සමනල කඳු වැටිය වැනි ඉහළ කඳුකර වනාන්තර වල වාර්තාවන   "Blue Admiral"      සමනලයා ද ඔබට කොඩිගහකන්දේ දී සුලබව දැක ගත හැකියි.

You can also see" Blue Admiral" butterfly found in the high mountain forests such as the "Samanala/SRIPADA" Mountains.











දැන් ඉතිං අදට ඇති. අපි අපේ 25 වන සංවත්සරයට සුදානම් වෙමින් ඉන්නෙ. හැකිනම් ඔබට පුළුවන් විදිහට අපේ අනාගත පරපුර වෙනුවෙන් සොබාදහම සංරක්ෂණය කරන්නට අපට උදව් කරන්

Contacts: 071 349 6971(Munagama), 071 428 5480(Sandaruwan), 077 472 1937( Sachith), 071 447 2905(Chandika),                         011 275 4700(Office)
mihithalamithuro@gmail.com, fb Page: Earth Friends of sri Lanka
Web: www.mihithalamithuro.org 

No comments:

Post a Comment