Saturday, June 15, 2013

ආහාරයට පෙර සිතන්න නාස්තිය අවම කරන්න ජගත් පරිසර දින සැමරුම - 2013

ආහාරයට පෙර සිතන්න ! නාස්තිය අවම කරන්න !! 

ජගත් පරිසර දින සැමරුම - 2013

    මෙම වසරේ පරිසර දින තේමාව හැටියට මිහිතල මිතුරන් අපට ගැලපෙන ලෙස ‘‘ ආහාරයට පෙර සිතන්න! නාස්තිය අවම කරන්න!! ’’ යන තේමාව තමයි තෝරා ගත්තෙ. ඉතිං 2013 පරිසර දිනය යෙදුන ජූනි 5 වෙනිදා වෙනුවට අපේ පරිසර දින සැමරුම් ප‍්‍රසංගය පැවැත් නේ ජූනි 8 වන සෙනසුරාදා.අපේ පරිසර පණිවිඩය ජනතාව අතරට ගෙන යන්න  පරිසර ප‍්‍රසංගය පවත්වන්න  මෙවර අපි තෝරා ගත්තෙ කොඩිගහකන්දෙ බටහිර බෑවුමේ පිහිටි සඳුන් උයන මිහිඳු විහාරයයි.   

    අපේ‍්‍රල් මාසයේ සිටම වැඩසටහන සංවිධාන කටයුතු ආරම්භ කළා. ක්වොන්ටම් ක්ලෝතින් ආයතනයේ අප හිතවත් ගැමුණු අමරසිංහ මහත්මා සහ අපේ තරුණ සමාජ සාමාජික විකුම් සම්බන්ධිකරණ කටයුතු කරමින් මිහිඳු විහාරයේ විහාරාධිපති හෝමාගම අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ බලගොඩ අමරකිර්ති හිමිපාණන් සමග මූලික සාකච්ඡුාවක් පැවැත්වූවා. ඊට පස්සෙ සංවිධාන කටයුතු සඳහා විශේෂ සාකච්ඡුාවක්ද පැවැත්වූවා. තරුණ සමාජය,ළමා සමාජය සහ සජන මිතුරෝ සාමාජිකයින් ප‍්‍රසංගය සාර්ථක කර ගන්න ගොඩක් මහන්සි උනා.  

ජූනි 8 වන දා උදා  උනේ හරිම පුදුමාකාර විදිහට. ශී‍්‍ර ලංකාව හරහා දරුණු සුළි කුණාටුවක් හමා යමින් වැසි වැටෙන්නට පටන් ගත්තා. නොනැවති දිගින් දිගටම මහ වැසි ඇද හැලෙමින් අපේ ප‍්‍රසංගයට අභියෝග කරන්නට විය. මේ අතරම මිහිඳු විහාරාධිපති හිමිපාණන්ගේ දයාබර සොයුරෙක් මී උණ වැළඳීමෙන් මිය ගිහින්. බාධාවන් වැළක්. එහෙත් ආරම්භ කළ කාර්යය වෙනස් කළ නොහැකියි. වැහි පිට වැහි දාහක් වැස්සත් අපි ප‍්‍රසංගය පැවැත්වීමට තීරණය කළා.


      මේ අපේ ජෛව විවිධත්ව මධ්‍යස්ථානය අසලින් ගලා යන තැඹිළි දොළයි



කොඩිගහකන්ද හරහා ගලා එන ටැංකි දොළ මිහිඳු විහාරය ආසන්නයේ දී සුන්දර දිය ඇල්ලක් ලෙස ගලා හැලෙයි.

අපි වැඩසටහන පටන් ගත්තෙ ළමා සමාජයේ සාමාජිකයින් සමග සඳරුවන් ඉදිරිපත් කළ ‘‘ ලොව සරසන දළු කොළ මල් ..... ’’ ගීතයට රංගනයත් සමගිනි.


මෙවරත් අපේ ප‍්‍රසංගය මෙහෙයවමින් එය සාර්ථක කර ගන්න අත හිත දුන්නෙ රංජන් සොයුරා. එදා වගේම ඔහු මෙදත් ගමේ ආරච්චිල උනා. ටික වෙලාවකට හරි එහෙම බලයක් ලැබෙන එක කොයිතරම් වටිනවද හැබෑටම.....


වෙස්සන්තර නූර්තියේ එන ‘‘අද වෙස්සන්තර රාජ පුතා ....... ’’ ගීතයට රංගනයෙන් දායක වන අපේ ළමා සමාජ හා තුරුණු සංවිධාන සාමාජිකයින් 


වෙස්සන්තර නූර්තියේ එන ‘‘අද වෙස්සන්තර රාජ පුතා ....... ’’ ගීතයට රංගනයෙන් දායක වන අපේ ළමා සමාජ හා තුරුණු සංවිධාන සාමාජිකයින් 


ඉතිං අපේ ළමා සමාජයේ සාමාජිකයින් පිරිසක් පුංචි නාට්‍යයක් රඟ පෑවා. මේ තමයි හතර බිරි කථාව.


එදා මහ වැව් බැඳ ඇල වේලි තනා සිරිලක බතින් බුලතින් සරු කළ අපේ වීර මුතුන් මිත්තන් වසර දහස් ගණනක් රැුකගත් හෙළ ගොවිතැන වනසා වස විසෙන් පිරි සකලවිධ ජිවයම වනසා ලන ගෝලිය සමාගම් පමණක් තර කරන නූතන කෘෂිකර්මය නිසා සිදුඋන විනාශය විරිඳුවකට නගන සොබාසවිය ළමා සමාජයේ පළිඳු සහ හෙසඳි.



මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයේ එන ‘‘පේ‍්‍රමයෙන් මන රංජිතවේ නන්දිතවේ ’‘ ගිතයට අපූරු රංගනයක් ජනිඳු හා භවන්ති විසින් ඉදිරිපත් කළා. ඒ අතරට කොඩිගහකන්ද වගේම පරිසරය පිළිබද‘ව සැකසුනු වීඩියෝ දර්ශනයන්ද ඉදිරිපත් උනා. මේ ජනිඳු හා භවන්ති මහගමසේකර ශූරින්ගේ කුණ්ඩලකේශි ගිත නාටකයේ එන ‘‘ අන්න බලන් සඳ රන්තැටියෙන් ....’’ ගීතයට රංගනයක් ඉදිරිපත් කළ අවස්ථාවක්.


ලූෂන් බුලත්සිංහල ශූරීන්ගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ එන ‘‘මඬේ ලගින තාරාවුන් නාවන්නද මං ......’’ ගිතයට රංගනයක් ඉදිරිපත් කරන හසාරා 


මෙම ප‍්‍රසංගයේ උච්චතම අවස්ථාව ‘‘ මිහිමඩලේ විලාපය’‘ වේදිකා නාට්‍යයයි. නවතම නිෂ්පාදනයක් ලෙස මිහිතල මිතුරන් විසින් නිෂ්පාදනය කරන ලද මෙම නාට්‍යය නූතන පරිසර අර්බූදය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ අරමුනෙන් නිර්මාණය වුවක්. මේ එම නාට්‍යයේ අවස්ථා කිහිපයක්.

පීටර් කොළුව රෙදි නැන්දලගෙ ගෙදර ගිහින් එන ගමං වගේ. ඔන්න මුදලාලි හාමිනේ මග බලාගෙන ඉන්නෙ.


මුදලාලියි හාමිනෙයි අතරට මැදි උන පීටර් කොළුව විහිළුවකින් හාමිනේට උත්තර දෙනව වගෙයි...... 


ආ... බං ඇසිලින් මං මේ උඹ එනකං මග බලාගෙන උන්නෙ..
.

අහස හඩන හඩ දැනෙන හදක්....
පොළොව හඩන හඩ දැනෙන හදක් ...
 සෙනෙහස උතුරා ගලන හදක්...
උදා කරමු අපි එවන් ලොවක්......

No comments:

Post a Comment