Tuesday, June 18, 2013

රිටිගල දැඩි රක්ෂිතයටත් දෙයියන්ගේම පිහිටයි

රිටිගල දැඩි රක්ෂිතයටත් දෙයියන්ගේම පිහිටයි !


ශී‍්‍ර ලංකවේ දැඩි රක්ෂිත ලෙස නම් කරල තියෙන්නෙ යාල මධ්‍යයත්, හක්ගලත්,රිටිගලත් පමණයි. රිටිගල පිහිටල තියෙන්නෙ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ. මල්වතු ඔයේ ඇරඹුමත් සිදුවන්නෙ මේ අපුරු පරිසර පද්ධතියෙන්. මේ ලිපියේ අරමුණ රිටිගල ගැන දැනුවත් කරන එක නෙමෙයි. මේ ලඟදී දවසක අපේ මිහිතල මිතුරෝ සංවිධානයේ සජන මිතුරෝ ප‍්‍රධාන සංවිධායක ජනිත් කුමාර මහත්මයා ලැබූ අත්දැකිමක් කියන්නයි අපේ සූදානම 


මීදුමෙන් බරව පවතින මේ කඳු වැටිය හරියට නුවර එළියෙ පරිසරය මවා පානවා. හිතා ගන්න බැරි තරමේ විස්මිත නිර්මාණයක්. වියළි කලාපයේ පිහිටි මේ පාරාදිසය ජාතිය සතු අමිල සම්පතක් .


මෙම ස්ථානය අතිතයේ බවුන් වඩන භික්ෂූන්ගේ වන සෙනසුනක්. පුරාවිද්‍යා රක්ෂිතයක්. දිගම ශිලාමය මංපෙත සහිත මෙම සෙනසුනෙහි පධානගර, බන්දා පොකුණ,ජන්තාගර, රෝහල් සහ තවත් නටබුන් රාශියකින් සමන්විත අපේ ඉතිහාසයේ වැදගත් සාධක රැසකට හිමිකම් කියන තැනක්.  ඉන් ඉහළ කොටස තමයි වනජීවි දෙපාර්තමේන්තුවේ රැකවරණය ලබන දැඩි රක්ෂිතය.

දැන් අපි අපේ ජනිත් කුමාර මහතාගේ කථාවට ඉඩ දෙමු
දිනය - 2013 ජූනි මස 15 වැනිදා 

වේලාව- සවස 5 පසුවී විනාඩි 30 පමණ

ස්ථානය - රිටිගල වනජීවී කාර්යාලය අසල

විස්තරය

මා සමග මිතුරු ලක්ෂ්මන්  :(අප පිරිමි දෙදෙනෙකු) සමග මාගේ බිරිද සහ මිතුරාගේ බිරිදත් දරුවන් තිදෙනාත්  සවස 4.30ට පමණ බොහෝ ප‍්‍රමාද වී නමුත් ජීවිතයේ පළමු වතාවට රිටිගල පුරාවිද්‍යා දර්ශන දැකීමට පැමිණියා. අපටපුරා විද්‍යා රක්ෂිතයට ඇතුළුවීමට අවසර දිය නොහැකි බව පැවසූවත්  අපට පෙර කලු පැහැ ත‍්‍රී රෝද රථයක් එතැනට පැමිණ සිටි බැවින් එහි ආ අය ආපසු ඒමට පෙර අප අපසු හැරෙන බව පවසා අවසර ඇතිව ඉහලට නැගුනා.මද දුරක් ගිය අප ආපසු ඒමට පිටත් වූයේ මෙම අගනා සම්පත මෙසේ විනාඩි කිහිපයකින් නැරඹිම නිෂ්ඵල දෙයක් බව අපට වැටහුන නිසාය. නැවත හැකි ඉක්මනින් මෙම භූමියට පැමිණිමට අදිටන් කර ගත් අප ආපසු පැමිනියෙමු.
අප ආපසු ආවත් අපට පෙර ගිය අය ඒ වන විටත් නොපැමිණි හෙයින් තී‍්‍රරෝද රියදුරු තරුණයාගෙන් ආ අය පිලිබද විමසන ලදී ග පැමිණියේ විදේශීකයින් දෙදෙනෙකු බවත් ඔවුන් ඉන්දියන් ජාතික කාන්තාවක් හා පිරිමියෙකු බවත් පැවසීමෙන් අප කුතුහලයට ලක්වූයෙමු . මක්නිසාද ඉන්දියානුවන් අපගේ 

පුරාවිද්‍යාත්මක සාධක සොයනවායැයි මා කලින් නොදැන සිටි බැවිනි. වැඩිදුර විමසීමේදී ඔවුන් පැමීණ ඇත්තේ ඖෂද ශාක පිළිබද පරීක්ෂණයකට බව රියදුරු පැවසීමෙන්  සහ ඔවුන් පහලට බසිමින් එන බව රියදුරු පෙන්වීමෙන් අප ඉක්මන්ව අපගේ රිය වෙත ආවේ ඔවුනට පෙර කිලෝමීටර 2 කට වැඩි දුරක් දුෂ්කර මග ඔස්සේ වනජීවී කාර්යාලය වෙත යායුතු යැයි අධීෂ්ඨානයක් වහාම ඇති වූ බැවිනි.  අප අබලන් මග යන අතර ජාතියක් වශයෙන් උරුමයන් අහෝසිකර ගෙන ඇති විවිධ ශාක ඖෂධ වර්ග ගැන කතිකා කරමින් පැමිණියේ මොවුන් යම් වටිනා ජාන හොරකමක් කරතිදෝයී යන සැකයෙනි. 
පෙර අප වනයට ඇතුල්වන විට ම අප ඉදිරියට පැමිණි වයසක ආබාධිත පියදාස වැඩිහිටියා ගෙන් විමසා වනජීවී නිලධාරී මහත්වරුන්හදුනාගතිමු. අප පරිසරය පිළීබද කතාවකට මුලපුරමින්ල වනය පිළීබද සහ එය රැක ගැනීමේ 

අභියෝග,වගකීම් හා යුතුකම් ගැන කෙටි සාකච්ඡාවක් පැවැත්වූවා.ඒ අනුව අපගේ සැකය පැවසූ පසු ඔහු පොරොන්දු වූවා අනිවාර්‍යයෙන්ම රිය පරීක්ෂාකරන බව.  ඔවුන්ගෙන් සමුගෙන අප අපගේ රිය මදක් ඈත නතරකර සියලු දෙනා පියදාස සීයා සහ ඔහුගේ ගෙවිළිය වාසය කල කුඩා පැළට ගොඩවී තේ සාදාගැනීම් වල නියැලුනේ කලෙකින් නෑදෑයන් පිරිසක් හමුවූවා මෙන් ලෙන්ගතු සාමිචියක්ද සමගයි.
ඒ අතර ඉන්දියානු විදේශීකයින් සමග පැමිණී රිය වනජීවී නිලධාරී මහතුන් තිදෙනෙකු සමග නතර කරනු ලැබුවා. අප පැල්පතේ සිට බලා සිටින විට වාහනයේ පිටුපස රෙදි ආවරණය නිරාවරණ කර යම් දේවල් පෙන්වනු දුටුවා.  රියදුරු සමග විදේශික දෙදෙනා  වනජීවී නිලධාරීන් තිදෙනා සමග වේගවත් කතාබහක් ඇති උනා. ඉංගිරිසි බස හසුරවන විදෙස් යුවල පෙනුමෙන් අප ලාංකිකයෝ මෙන් වුවත් ඔවුන් ඉන්දිය අය බව පසක් වූවා. යම් බහාලුමක් පරීක්ෂාවේදී දැව කොට කැබලි කීපයක් හසුවනු අප දුටුවා.  අප සිතුයේ ජාන සොරකම් කියනුයේ ඉතා කුඩා පැලෑටි හෝ පත‍්‍රිකා වැනි යමක් කියා. නමුත් මෙහිදී  දුටුවේ තරමින් සෙන්ටිමීටර් 8 ක් 10 තරම් විශ්කම්භයක් ඇති අලුත්ම තත්ත්වයේ :එම දිනම කපන ලද බව පසක් වන* ශාක කදන් කීපයක්.‘‘ මේව තහනම් වැඩ....’’  යන වදන නිලධාරීන්ගේ මුවෙන් පිටවෙනු ඇසුනු අප එතැනින් මදක් ආපසු හැරු‍නේ ඔවුන් රාජකාරිය හරියට කරනු ඇතැයි දැනුන විශ්වාසය නිසාමයි. ඈතට වී බලා සිටියාම තී‍්‍රවිල් රියදුරු කිසි අපහසුවක් නැතිව මොනවාදෝ කියමින් සිනා සෙමින් එම දැව කැබලිත් විදේශික යුවලත් සමග පිටත් වන්නට වූයේ thank you වදන් ආසිරිවාද නිලධාරීන්ට තෑගි කරමිනි.   

තේ සංග‍්‍රහයට යොමු වූඅප ‘‘නෑදෑයන්ට’’ හැකි පමණින් ආධාර උපකාර කරමින් පිටව එන අතරේ මොකක්දෝ මුස්පේන්තු යමක් වූ වා යැයි හැගී යන්නට වූවා.   අනුරාධපුරයට එන තෙක්ම වික්ෂෝප වූයේ, මෙතරම් කැමරා උපකරණ තිබිලත් ‍ෆොටෝ එකක්වත් ගන්නට නොහැකි වීමේ ලජ්ජාවත් සමගයි.  නමුත් එන අතර මගදී 1919 දුරකතන අමතා තුන්වතාවක්ම කථාව කියන්නට උත්සහ කලත්  විසන්දි වූවා. මෙම සටහන තබනුයේ අප දුටු එම දැව කොටන් වලට ඉහලින් තිබෙන්නට ඇති තුරු සෙවන පිළිබද සිහිපත් වන විට, එකී වන අඩවියට පැමිණීමට ඒමේදී  වැරදීමකින් නමුත් රිටිගල ආරණ්‍ය ෙස්නාසනයට යන විට වට ප‍්‍රමාණය එවැනිම වූ ගසක එල්ලා තිබූ අපූරු පුවරුවක් නිසාවෙනි.

‘‘ඔබේ පොරෝ පහරින් මා මියෙන තුරු                                                    මම ඔබට සෙවන සදන්නෙමි ’’

No comments:

Post a Comment